සමාජ සත්කාර වැඩසටහන

කොළඹ මහා නගර සභාව ජන සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවේ දිසා අංක 2B සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ මහජන ආධාර දෙපාර්තමේන්තුව විසින් එක්ව සංවිධානය කල සමාජ සත්කාර වැඩසටහන 2024 ජුනි  මස 29 දින බත්තරමුල්ල නාගරික වැඩිහිටි සහ ළමා නිවාසයේදී පැවැත්විනි.

 එහිදී සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ළමා සමිති සාමාජිකයින් විසින් වැඩිහිටියන් වෙනුවෙන් කෙටි විවිධ ප්‍රසංගයක් පැවැත්වූ අතර අවසානයේදී ප්‍රධාන සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීතුමිය විසින් සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී.