පළාත් පාලන ආයතන වල අනියම්,ආදේශක, කොන්ත්රාත්,තාවකාලික හා සහන පදනම මත සේවය කරනු ලැබූ ප්රාථමික සේවා වල සේවය කරනු ලැබූ සේවක මහත්ම මහත්මීන් සඳහා ස්ථීර පත්වීම් ලබා දීමේ වැඩසටහන යටතේ කොළඹ මහා නගර සභාවේ සේවය කරනු ලැබූ 183 දෙනෙකු සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සිදු කෙරුණු අතර, ඔවුන් වෙනුවෙන් සංවිධානය කරන ලද එක්දින පුහුණු වැඩමුළුවක් නාගරික කොමසාරිස් තුමියගේ ප්රධානත්වයෙන් 2024.07.25 වන දින නව නගර ශාලාවේදී පවත්වන ලදි.
මෙම වැඩමුළුව නාගරික කොමසාරිස්ගේ උපදෙස් මත මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද අතර ඒ සඳහා ඒකාබද්ධ සේවා අධ්යක්ෂ ඒ.එම්.එම්.එන්. අමරසිංහ මහතා සහ සහකාර නාගරික ලේකම් ජේ.එම්. අසීම් මහතා සම්පත්දායකත්වය ලබා දෙන ලදි.