කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් රාජකාරී කටයුතු සිදුකිරීමේදී මතුවන නෛතික ගැටළු සම්බන්ධයෙන් “Powers of Attorney Ordinance and its amendments and Notaries Ordinance and its amendments” පිළිබඳ දැනුවත්භාවය ලබාදීම සඳහා සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අංශ ප්‍රධානීන්, අධ්‍යක්ෂ ඉංජිනේරුවරුන්, දිස්ත්‍රික් ඉංජිනේරුවරුන් මෙන්ම නාගරික තක්සේරු, නීති, නගර සැලසුම්, ඉඩම් හා පරිසර කළමනාකරණ, නාගරික භාණ්ඩාගාරික යන දෙපාර්තමේන්තු / අංශ වල මේ සම්බන්ධව සෘජුවම රාජකාරීන් කරනු ලබන නිලධාරීන්ද ඇතුලත්ව 100 දෙනෙකුගේ පමණ සහභාගීත්වයෙන් යුතුව පුහුණු වැඩසටහනක් 2024.08.27 වන දින නව ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මෙහි දේශක ලෙස ජනාධිපති නීතිඥ ජී.ජී. අරුල්ප්‍රගාසම් මහතා සහභාගී විය.