කොළඹ අග නගරය බහු ආගමික, බහු වාර්ගික ජන කොටස් එකට සහජීවනයෙන් ජීවත්වන ප්රදේශයකි. ඒ සංහිදියාව පෙරදැරි කරගෙන සියලුම ජනවර්ග හා ආගම් නියෝජනය වන අයුරින් වාර්ෂිකව පවත්වන ප්රධාන ආගමික උත්සව හතරෙන් එක් ආගමික උත්සවයක් වන මුහම්මද් නබි (සල්) නායකතුමන්ගේ ජන්ම දිනය සැමරීම කොළඹ මහා නගර සභාවේ නාගරික ලේකම් දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කල “මීලාදුන් නබි ආගමික වැඩසටහන - 2024” නාගරික කොමසාරිස් ජේ.එම්. භද්රානි ජයවර්ධන මහත්මියගේ ප්රධානත්වයෙන් සිදුකරන ලදී.
මෙම වැඩසටහන 2024 සැප්තැම්බර් මස 26 වැනි බ්රහස්පතින්දා දින ප.ව 2.00 සිට ප.ව 4.00 දක්වා කොළඹ 07, පුරහල පරිශ්රයේ පිහිටි කොළඹ මහා නගර සභා ගොඩනැගිල්ලෙහි නාගරික මන්ත්රී ශාලාවේදී පැවැත්විණි.
මෙම වැඩසටහන සඳහා ගරු මෞලවි තුමන්ලා, අල් ගවාෂියා අරාබි පාසලේ දරුවන්, හිටපු නාගරික මන්ත්රීවරුන් , කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු ප්රධානීන් හා කාර්යය මණ්ඩලය සහභාගි විය.