කොළඹ මහා නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තුවල/ අංශවල වැටුප් සකස් කිරීම සම්බන්ධව කටයුතු කරනු ලබන පරිපාලන නිලධාරීන්, ප්‍රධාන කළමනාකරණ සේවා නිලධාරීන් හා වැටුප් සකස් කරීමේ විෂයය භාර නිලධාරීන් සියලු දෙනාහට එම විෂයය සම්බන්ධව මනා පුහුණුවක් ලබා දීමේ අරමුණින් Pay roll System පිළබඳ පුහුණු පාඨමාලාවක් 2024.11.20 හා 2024.11.21 දෙදින සහශ්‍ර මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පවත්වන ලදි. මෙහි දේශක ලෙස කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන ගණකාධිකාරී (ප්‍රසම්පාදන) සහ නියෝජ්‍ය නාගරික භාණ්ඩාගාරික (තොරතුරු තාක්ෂණ) යන තනතුරු වල සේවය කරනු ලැබූ වර්තමානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගණකාධිකාරීවරයෙකු ලෙස සේවය කරනු ලබන බී.එම්.එල්.එස්. බාලසූරිය මහතා සහභාගී විය.




.jpg)
