කොළඹ මහා නගර සභාවේ නිලධාරීන් වෙනුවෙන් 2024.12.31 දිනට ස්ථාවර වත්කම්, මෙවලම් භාණ්ඩ ගබඩා තොග සමීක්ෂණය කිරීම සඳහා වූ වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල නිර්දේශ ක්‍රියාත්මක කිරීම හා අපහරණ ක්‍රියාවලිය පිළිබද භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල සභාපතිවරුන් හා සාමාජිකයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල 127හි සභාපතිවරුන් / ප්‍රමුඛ සාමාජිකයින් එක් අයකු බැගින් වන සේ කණ්ඩායම් දෙකකට පුහුණුවීමක් 2024.12.09 හා 2024.12.16 යන දිනයන් හි පෙ.ව. 09.00 සිට ප.ව. 12.30 දක්වා කොළඹ මහා නගර සභාවේ නව ශ්‍රවණගාරයේදී (සපිරි පියස අසල) පවත්වන ලදි. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශ්‍රාමික ජේෂ්ඨ නිලධාරියකු වන පියතිස්ස රණසිංහ මහතා සම්පත්දායකත්වය දක්වන ලදි.