වැඩිහිටියන් රැකබලාගැනීමේ පුහුණු පාඨමාලාවට අදාල ජාතික වෘත්තීය කුසලතා සහතිකපත්‍ර ප්‍රදානෝත්සවය - 2024

කොවිඩ් වසංගත තත්ත්වය සමඟ මෙරට ඇතිවූ ආර්ථික පසුගාමීතාවයන් මගහරවා ගනිමින් රටට ලැබෙන විදේශ විනිමය ප්‍රවර්ධනය කර ගැනීමේ ජාතික අරමුණ පෙරදැරිව කොළඹ මහා නගර සභාව විසින් ආරම්භ කරන ලද වැඩිහිටියන් රැකබලාගැනීමේ පුහුණු පාඨමාලාව සාර්ථකව නිමකරන ලද පුහුණුලාභීන් 23 දෙනෙකු වෙත ජාතික වෘත්තීය කුසලතා සහතිකපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය 2024.12.20 දින ප.ව. 3.00 සිට 4.30 දක්වා සපිරි පියස අසල නව ශ්‍රවනාගාරයේදී කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම පාඨමාලාව සඳහා සම්පත්දායකත්වය සපයන ලද Society of Health Research and Innovation Trust Fund එනම් (SHRI) ආයතනයේ වෛද්‍යවරුන් හා අනෙකුත් කාර්යය මණ්ඩලය ද මෙම උත්සවය සඳහා සහභාගීවන ලදී.