කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, අංශ ප්‍රධානීන් නියෝජ්‍ය ප්‍රධානීන් හා දිසා ඉංජිනේරු නිලධාරීන් 70 දෙනෙකු සඳහා රැකියා නිර්ණායක සකස් කිරිම පිළිබඳව දැනුවත් කිරීමේ පුහුණු වැඩමුළුවක් 2025.02.06 දින ප.ව 01.00 සිට ප.ව. 04.00 දක්වා කමිටු රැස්වීම් ශාලාවේදී පවත්වන ලදි. එ් අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රජිත සිල්වා මහතා හා ආචාර්ය මයුරි අතපත්තු මහත්මිය සම්පත්දායකත්වය දරන ලදි.