ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නියෝජ්‍ය ප්‍රධානීන්, අධ්‍යක්ෂවරුන්, ඉංජිනේරුවරුන්, ගණකාධිකාරිවරුන් වෛද්‍යවරුන්, පරිපාලන නිලධාරීන් හා තාක්ෂණ නිලධාරීන් 150 කගේ පමණ සහභාගීත්වයෙන් 2025.02.15 දින පෙ.ව 08.30 සිට ප.ව. 04.30 දක්වා ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩමුළුවක් නව ශ්‍රවණාගාරයේ පැවැත් වූ අතර, ඒ වෙනුවෙන් ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති) ඒ.ඩී.පී.අයි. ප්‍රසන්න මහතා සම්පත්දායකත්වය දක්වන ලදි.