මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද කොළඹ මහා නගර සභාවේ නිලධාරින් සඳහා “ පෞද්ගලික ලිපිගොනු නඩත්තු කිරීම ” පිළිබඳ පුහුණු වැඩසටහනක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරි ලසන්ති මාලා මහත්මියගේ සම්පත්දායකත්වය යටතේ 2025.02.21 දින සහශ්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.ඒ සඳහා සියළුම දෙපාර්තමේන්තු හා අංශ නියෝජනය කරමින් නිලධාරින් 66 දෙනෙකු සහභාගි විය.