කොළඹ මහා නගර සභාවේ බෞද්ධ සංගමය විසින් සංවිධානය කරන ලද සර්වරාත්‍රික පිරිත් පිංකම 2025.05.30 වන දින ප.ව 07.30 සිට පසුදින පෙ.ව 06.00 දක්වා පැවැත්වූ අතර ඉන්පසුව මහා සංඝරත්නය 20 නමක් උදෙසා හීල් දානමය පිංකම ද කොළඹ මහා නගර සභා නාගරික මන්ත්‍රී ශාලාවේ දී පැවැත්විණි.
මෙම උත්සවය කොළඹ ගංගාරාමාධිපති කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී. මෙම උත්සවයට බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් මැතිතුමා, නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා, අනෙකුත් දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් සහ නගර සභාවේ නිලධාරීන් සහ කාර්ය මණ්ධලය සහභාගී විය.