විශ්‍රාම වැටුප් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු, අංශ හා දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නියුතු පරිපාලන නිලධාරීන් හා කළමනාකරණ සේවා නිලධාරීන් අතුරින් තෝරාගත් 92 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සඳහා විශ්‍රාම වැටුප් සකස් කිරීම පිළිබඳ පුහුණු වැඩසටහනක් පවත්වන ලදි.

නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම අනුව මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද උක්ත පුහුණු වැඩසටහන,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විමධ්‍යගත විශ්‍රාම වැටුප්) ඒ.ඩී.අයි.මෙන්ඩිස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ(මධ්‍යගත විශ්‍රාම වැටුප්) ටී.ජනගන්, පරිපාලන නිලධාරී (වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප්) එස්.එන්.පී.හපුආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එස්.එම්.ආර්.නදීකා දමයන්ති මහත්මියගේ සම්බන්ධීකරණයෙන් 2025.08.13 වන දින පෙ.ව 8.30 සිට ප.ව 4.15 දක්වා සහශ්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී සාර්ථකව පවත්වන ලදි.

මධ්‍යගත හා විමධ්‍යගත විශ්‍රාම වැටුප් සකස් කිරීමේ ක්‍රියාවලිය,වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම,මරණ පාරිතෝෂක ගෙවීම් සම්බන්ධයෙන් මෙන්ම විශ්‍රාම වැටුප් සකස් කිරීමේදී නිලධාරීන් විසින් මුහුණපානු ලබන ප්‍රායෝගික ගැටළු පිළිබඳව විශේෂ අවධානය යොමු කර මෙම පුහුණු සැසිය නිලධාරීන්ගේ ඉහළ පැසසුම් සමඟින් නිමාව දකින ලදි.