සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් හා සුරක්ෂිත පාරිභෝගිකයෙක් උදෙසා වූ දැනුවත් කිරීමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන)ගේ සම්බන්ධීකරණය යටතේ සදාචාරාත්මක ව්‍යාපාරික පරිසරයක් හා සුරක්ෂිත පාරිභෝගිකයෙක් උදෙසා වූ දැනුවත් කිරීමේ වැඩසටහනක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ යූ.කේ.නානායක්කාර මහතාගේ සම්පත් දායකත්වය යටතේ 2025.09.19 දින පෙ.ව.9.00 සිට ප.ව.12.30 දක්වා සපිරි පියස ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මේ සඳහා කොළඹ මහා නගර සභාවේ නිලධාරින් 100දෙනෙකු පමණ සහභාගී වූ අතර පාරිභෝගික සුරක්ෂිතභාවය පිළිබඳ මනා දැනුවත් කිරීමක් තුලින් ඉතා සාර්ථකව වැඩසටහන නිමා කරන ලදී.