නවක ගිනිභට නිලධාරී සේවාරම්භක පුහුණු වැඩසටහන

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරය වන කොළඹ නගර සභා සීමාව පමණක් නොව සමස්ත දිවයින සඳහාම සුවිශේෂී සේවයක් සලසන කොළඹ මහා නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට වසර ගණනාවකට පසු නවක ගිනිභටයන් බඳවා ගැනීම 2025 සැප්තැම්බර් 24 වන දින සිදුවිය.

ගිනි නිවීම් සේවාවට මෙන්ම පළාත් රාජ්‍ය සේවයට ද නවකයින් වූ මෙම ගිනිභට නිලධාරීන් කුසලතා සහිත නව දැක්මක් සහිත කණ්ඩායමක් ලෙස සංවර්ධනය අරමුණු කර  සිව් දින සේවාරම්භක පුහුණු වැඩසටහනක් නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් පරිදි අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන) නදීකා දමයන්ති මහත්මියගේ සම්බන්ධීකරණය යටතේ 2025.09.25,26,29 සහ 30 යන දිනයන්හීදී පෙ.ව.9.00 සිට ප.ව.04.00 දක්වා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවට අයත් ගිනි නිවීම් හා ජීවිත බේරා ගැනීමේ පුහුණු පාසලේදී පවත්වන ලදී.

මෙම පුහුණු වැඩසටහන කර්මාන්ත අමාත්‍යංශයේ (නියෝජ්‍ය අධ්‍යක්ෂ) කුමුදු කරුණාතුංග මහත්මිය,ශ්‍රී ලංකා පදනම් ආයතනයේ (අධ්‍යක්ෂ- අධ්‍යයන කටයුතු) ආචාර්ය සමන් වීරවංශ මහතා,විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ (නියෝජ්‍ය අධ්‍යක්ෂ- විමධ්‍යගත විශ්‍රාම වැටුප්) ඒ.ඩී.අයි.මෙන්ඩිස් මහතා, අග්‍රාමාත්‍ය කාර්යාලයේ (ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්) ආර්.එම්.පී.එස්.රාජපක්ෂ මහත්මිය, කොළඹ මහා නගර සභාවේ (අධ්‍යක්ෂ- මානව සම්පත් සංවර්ධන) එස්.එම්.ආර්.නදීකා දමයන්ති මහත්මිය, කොළඹ මහා නගර සභාවේ (සහකාර නාගරික ලේකම්) ජේ.එම්.අසීම් මහතා යන මහත්ම මහත්මීන්ගේ සම්පත්දායකත්වයෙන් නවක ගිනිභට නිලධාරීන් 30 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ඉතා සාර්ථකව නිමාව දකින ලදි.