මිනිසා උපතේ සිට මරණය දක්වා සිය අවශ්‍යතා සපුරා ගැනීමේදි පාරිභෝගිකයෙකුගේ චරිතයටද පණ පෙවීමට සිදුවේ. එබැවින් නිවැරදි දැනුමකින් හා අවබෝධයකින් යුත් පාරිභෝගිකයකු ලෙස කටයුතු කිරිම අතිශය වැදගත් කරුණකි. තවද කොළඹ මහා නගර සභා සීමාව තුල ප්‍රධානතම පළාත් පාලන ආයතනය ලෙස අප විසින් සේවා සපයන මහජනතාවට කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම පිණිස පාරිභෝගික අයිතිවාසිකම්, වගකීම් සහ නීතිමය රාමුව පිළිබඳ අවබෝධය වර්ධනය කිරීම අරමුණු කරගෙන නාගරික කොමසාරිස්තුමාගේ අනුමැතිය පරිදි, පාරිභෝගික කටයුතු අධිකාරියේ යු. කේ. නානායක්කාර මහාතාගේ සම්පත්දායකත්වය යටතේ,කොළඹ මහා නගර සභාව තුළ අනුයුක්තව සේවය කරන රාජ්‍ය නිලධාරීන් සඳහා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.එම්.ආර් නදීකා දමයන්ති මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2025.10.31 දින "දැනුවත් පාරිභෝගිකයෙක් – තෘප්තිමත් ජීවිතයක්" පුහුණු වැඩසටහනේ II අදියර සාර්ථකව පවත්වන ලදී.
එමෙන්ම, මෙම වැඩසටහන සංවිධානය කිරීමට සහාය දුන් සැමටද සහභාගී වූ සියලුම පාර්ශවයන්ටද ස්තුතිය පළ කරමි.


.jpg)
.jpg)
.jpg)





.jpg)



