“ධනාත්මක චින්තනය හා ආකල්ප වර්ධනය” පිළිබඳ පුහුණු වැඩසටහන

“ඔබ යම් කරුණක් පිළිබඳ සිතිමේ හා විශ්වාස කිරීමේ ප්‍රභලතාවය මත කරුණු සඵල විම රදා පවති”

කාර්ය බහුල කාර්යාල පසුබිමක සැගවී පැවති පුද්ගල වටිනාකම් අවදිකරමින් මනසට හා හදවතට ආමන්ත්‍රනය කරමින් නව නව සිතුවිලි පුබුදුවාලමින් භාවාත්මක හා මෘදු කුසලතා ඔපනංවා ගැනීමේ වැදගත්කම පිළිබඳ එක්දින පුහුණු වැඩසටහනක් සුවිශේෂි සම්පත්දායකත්වය ඔස්සේ නගර සභා කාර්ය මණ්ඩලයට ලබා දීමට මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු කරන ලදි.

වසර 35කට ආසන්න කාලයක සම්පත්දායකයකු ලෙස විවිධ ක්ෂේත්‍රෙයන් ඔස්සේ සිය පලපුරුද්ද ජනගත කල ප්‍රවීණ දේශයෙකු වන ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂ (අධ්‍යයන කටයුතු),අචාර්ය සමන් වීරවංශ මහතාගේ සම්පත්දායකත්වත්, නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ උපදෙස් හා මඟපෙන්වීමත් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ එස්.එම්.ආර් නදීකා දමයන්ති මහත්මිය හා කාර්ය මණ්ඩලයේ සැලසුම් හා සම්බන්ධීකරණය යටතේ ක්‍රියාත්මක කල වැඩසටහනට සහභාගී වු සියළු දෙනාගේ ධනාත්මක ඇගයීම් සහිතව සාර්ථකව පවත්වන ලදි.