“තාක්ෂණික ශිල්පීය දැනුම වැඩිදියුණු කිරීම සඳහා එම ශිල්පයට අදාල වු ජාත්‍යන්තර ප්‍රමිතීන් හා නිර්ණායක උපයෝගී කරගැනීම අත්යන්තයෙන්ම සිදුකර යුතු කරුණකි. එකී කරුණ මනා නිපුණතාවයකින් හෙබි තාක්ෂණික ශිල්පියෙකු බිහිවීම සඳහාද අනුලෝමව සම්බන්ධිත වේ.”
කොළඹ මහා නගර සභාවේ නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ඇලුමිනියම් පිරිසැකසුම් අංශයේ රාජකාරී කටයුතු සිදුකරන නිලධාරීන් සඳහා සංවිධානය කරන ලද ඇලුමිනියම් පිරිසැකසුම් කිරීම පිලිබඳ පුහුණු වැඩසටහන ඇලුමෙක්ස් පුද්ගලික සමාගමේ පුර්ණ සම්පත්දායකත්වය යටතේ මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී 2025.11.25,26 යන දෙදින පෙ.ව 09.00 සිට ප.ව 4 .00 දක්වා පවත්වන ලදී .
මෙහිදී ඇලුමිනියම් ජනේල් හා දොරවල් සැකසිමේදී ගත යුතු මුලික ප්‍රමාණාත්මක අගයන් පිලිබඳ න්‍යාත්මක දැනුම හා මුලික මට්ටමේ සිට ඇලුමිනියම් ජනේලය හා දොර ප්‍රායෝගිකව සාදාගන්නා ආකාරය පිලිබඳව දැනුවත් කරන ලද අතර,
මෙම වැඩසටහන කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම හා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මීය හා කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණය යටතේ සාර්ථකව අවසන් වන ලදී .
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)