“මත්ද්‍රව්‍ය නිවරණය” පිළිබඳ පුහුණු වැඩසටහන

අන්තරායක ඹෟෂධ භාවිතයේ ආදීනව හා මත්ද්‍රව්‍ය භාවිතය සමාජයෙන් තුරන් කිරීමේ උදාර පරමාර්ථය පෙරදැරිව ශ්‍රී ලංකා රජය හා ඊට අදාල අනෙකුත් ආයතන  ඒකාබද්ධව පවත්වාගෙන යනු ලබන වැඩසටහන් මාලාවේ තවත් අදියරක් ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආර්ථික මරමස්ථානයක්වන කොළඹ නගරයේ ප්‍රධාන පරිපාලන ඒකකය වන කොළඹ මහා නගර සභාවේ සියලුම දෙපාර්තමේන්තුවල/ අංශවල සේවයේ නියුතු නිලධාරීන් හා සේවක මහත්ම මහත්මීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා  2025.11.21 දින  සහශ්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වු අතර, වැඩසටහනේ සාර්ථකත්වය සහභාගීවූවන්ගේ තුති පැසසුම් තුලින් මනාව එළිදැක්වුණි.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම මෙම වැඩසටහන කෙරෙහි යොමු වු අතර, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම යටතේ අන්තරායක ඹෟෂධ පාලක ජාතික මණ්ඩලයෙ නිවාරණ අධ්‍යාපන නිලධාරිනිය වන එෆ්.ආර්.අයි. සාලි මහත්මියගේ හා පුනරුත්ථාපන දෙපාර්තමේන්තුවෙ පුනරුත්ථාපන නිලධාරි කර්නල් පී.පී.එස් වීරසුරිය මහතාගේ සම්පත්දායකත්වයෙන් හා  මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් වැඩසටහන හැඩ විය.