කොළඹ මහා නගර සභාවෙහි මහජන ආධාර දෙපාර්තමේන්තු මගින් තෙවන වරටත් 2023 හා 2024 වර්ෂයන්හි වෘත්තීය පුහුණුලාභීන් 125 කු උදෙසා NVQ සහතික ප්‍රදානය කිරීමේ උත්සවය 2026.01.09 වන දින පෙ.ව. 10.00ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත්ව පවත්වන ලදී.
ගරු නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර් මැතිනියගේ ප්‍රධානත්වයෙන්, ගරු නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මැතිතුමාගේ හා ගරු නාගරික මන්ත්‍රීවරුන්ගේ, මන්ත්‍රීවරියන්ගේ සහභාගිත්වයෙන් උත්සවශ්‍රීයෙන් අභිමානවත්ව සහතික ප්‍රදානෝත්සවය සිදු කරන ලදී.
කොළඹ මහා නගර සභාවෙහි නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් එම අවස්ථාව වර්ණවත් කිරීමට පැමිණ දායකත්වය දක්වන ලදී.
පුණ්‍ය කොමසාරිස් ශශිනි ජයනෙත්ති මහත්මිය හා කාර්ය මණ්ඩලය මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සංවිධානය කරන ලදී.











