කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, වැඩ ක්ෂේත්‍ර පරිපාලක හා කාර්යාල සේවක සේවයේ මහත්ම මහත්මීන් ඇතුළු සියළුම නිලධාරීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා “වෘත්තීය හා පෞද්ගලික ජීවිතය සමබරව පවත්වා ගැනීම” (Work and Life balancing) පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.
මෙම පුහුණු වැඩසටහන 2026.01.16 වන දින පෙ.ව 08.30 සිට ප.ව 12.30 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සපිරි පියස නව ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 100 කට ආසන්න නිලධාරීන් එකමුතුවක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමු විය.කාර්යබහුල කාර්යාල පසුබිමක අමතකව තිබූ තමාගේ අභ්‍යන්තර අවධි කරවීමට පැය 04 ක කාලසීමාව තුල නිර්මාණශීලීව ගන්නා ලද ප්‍රයත්නයෙහි සාර්ථකත්වය සහභාගීවූවන්ගේ තුති පැසසුම් තුලින් මනාව එළිදැක්වුණි.සමබර වෘත්තීය හා පෞද්ගලික ජීවිතයකට මානසික සුවයේ වැදගත්කම මෙහිදී සංවාදයට ලක් විය.
කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මඟින් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් වැඩසටහන හැඩ වූ අතර මෙහි සම්පත්දායකත්වය ශ්‍රී ලංකා වෘත්තීය මනෝවිද්‍යා උපදේශකයන්ගේ සංගමයේ සභාපති, ආචාර්ය භාග්‍යා අබේසිංහ මහත්මිය විසින් සපයන ලදි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)