වඩාත් කාර්යක්ෂම නාගරික සේවා සැපයීම අරමුණු කරගෙන ශිල්පීය නිපුණතා මෙන්ම ධනාත්මක ආකල්ප සඳහා පෙළඹවීමේ වැදගත්කම හඳුනාගනිමින් 2026 වර්ෂය සඳහා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුහුණු සැලැස්මට ඇතුලත් කර ඇති Asphalt Laying පිලිබඳ වැඩසටහන හා කාර්යක්ෂම මහජන සේවයක් උදෙසා ධනාත්මක පෙළඹවීමක් සඳහා ධනාත්මක චින්තනය හා ආකල්ප වර්ධනය යන වැඩසටහන් දෙක 2026.01.20 දිනය පුරා මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථානයේ සාර්ථකව පවත්වන ලදී .
මෙම වැඩසටහන්හී සම්පත්දායකත්වය ඉංජි. ඩබ්ලිව් . ඩී. ජී. ඊ .වික්‍රමආරච්චි මහතා හා අග්‍රාමාත්‍ය කාර්යාලයේ (ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්) ආර්.එම්.පී.එස්.රාජපක්ෂ මහත්මීය විසින් සිදුකරන ලදී .
මාදම්පිටිය පෙර මිශ්‍රණ අංශයේ සේවයේ නියුතු ශිල්පීය හා අර්ධ ශිල්පීය නිලධාරීන් සියළුදෙනාගේ ධනාත්මක ප්‍රතිචාර මේ සඳහා ලැබුණු අතර ,
මෙම වැඩසටහන කොලඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම හා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , නදීකා දමයන්ති මහත්මීය හා කාර්යය මණ්ඩලයේ සම්බන්ධීකරණය යටතේ සාර්ථකව අවසන් වන ලදී.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)