කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ ඹෟෂධ නිෂ්පාදනාගාරයේ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ගරු සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුනි මැතිතුමාගේ සහ කොළඹ ගරු නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2026.01.23 වන දින නො.144 වෙළුවන පෙදෙස, දෙමටගොඩ , කොළඹ 09 දී පවත්වන ලදී.
ගරු නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මැතිතුමා, ගරු නාගරික මන්ත්‍රීවරුන්, මන්ත්‍රීවරියන්, නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතා ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රධාන ආයුර්වේද වෛද්‍ය නිලධාරී හා ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට සහභාගී විය.











