කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරීන්, පරිපාලන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන්, වැඩ ක්ෂේත්‍ර පරිපාලක හා කාර්යාල සේවක සේවයේ මහත්ම මහත්මීන් ඇතුළු සියළුම නිලධාරීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා “රාජ්‍ය සේවයේ නිවාඩු ක්‍රියාවලිය” (Leave Procedure) පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.
මෙම පුහුණු වැඩසටහන 2026.02.10 වන දින පෙ.ව 08.30 සිට ප.ව 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සහස්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 80 කට ආසන්න නිලධාරීන් එකමුතුවක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමු විය.රාජ්‍ය සේවයේ නිවාඩු පිළිබඳ පුහුණුව, නිලධරයන්ගේ නිවාඩු වරප්‍රසාද, සීමාවන්, සහ අනුමත කිරීමේ ක්‍රියාපටිපාටිය පිළිබඳ නිවැරදි අවබෝධය ලබාදීම මඟින් රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ නිසිලෙස ක්‍රියාත්මක කිරීමත්,ආයතනික විනය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමත් අත්‍යවශ්‍ය වේ. මෙමඟින් නිවාඩු අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සහ සේවක තෘප්තිය තහවුරු කිරීම සිදු කෙරේ.
කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මඟින් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (විමධ්‍යගත විශ්‍රාම වැටුප්) ඒ.ඩී.අයි.මෙන්ඩිස් මහතා විසින් සපයන ලදි.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)