සිත කය සනසන යෝග හා සංස්කෘතික සැඳෑව

කොළඹ මහා නගර සභාවේ ස්වදේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද, කොළඹ නගර සභාවේ කාර්ය මණ්ඩලයේ ආධ්‍යාත්මික හා කායික සුවසංවර්ධනය අරමුණු කරගත් "සිත කය සනසන යෝග හා සංස්කෘතික සැඳෑව" වැඩසටහන කොළඹ ගරු නගරාධිපතිතුමිය ව්‍රායි කැලී බල්තසාර් මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2026.03.13 වන දින කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨ ශ්‍රවනාහාරයෙදී පැවැත්විණි.

මෙම වැඩසටහන තුළින් සේවකයින්ගේ මානසික සෞඛ්‍යය හා ශාරීරික සුවය වර්ධනය කිරීම, ඔවුන්ගේ දෛනික සේවා කාර්යයන් සඳහා නව උද්යෝගයක් සහ ශක්තියක් ලබාදීම යන අරමුණු සාර්ථකව ඉටුකර ගැනීම අරමුණු විය.