“කාර්යාල ක්‍රම” පිළිබඳ පුහුණු වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු, අංශ හා දිස්ත්‍රික් කාර්යාල වල සේවයේ නියුතු පරිපාලන නිලධාරීන්, කළමනාකරණ සේවා නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන් අතුරින් තෝරාගත් කණ්ඩායමක් සඳහා “කාර්යාල ක්‍රම” පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.

මෙම පුහුණු වැඩසටහන 2026.04.30 වන දින පෙ.ව 08.30 සිට ප.ව 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සපිරි පියස නව ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 70 කට ආසන්න නිලධාරීන් එකමුතුවක් මහත් උද්යෝගයෙන් මෙම වැඩසටහනට යොමු විය. ලිපිගොනුකරණය, ලේඛන ගොනු කිරීමේ ක්‍රම, කාර්යාල සටහන් ලිවීම, රාජකාරි ලිපි කෙටුම්පත් කිරීම, ලිපිගොනු හා ලේඛන විනාශ කිරීමේ ක්‍රියාවලිය ආදී කාර්යාල ක්‍රම සම්බන්ධයෙන් වැදගත් විෂය කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, පාලිත නානායක්කාර මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මඟින් මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන් වැඩසටහන හැඩ වූ අතර මෙහි සම්පත්දායකත්වය ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ‍ ශ්‍රේණියේ නිලධාරිනී වී.වසන්තා කුමාරි මහත්මිය විසින් සපයන ලදි.