“ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන”

සේවා ස්ථානය තුළ රාජකාරි ඉටු කිරීමේදී ඇතිවිය හැකි හදිසි අනතුරු, අසනීප තත්ත්වයන් හා ජීවිත අවදානම් අවස්ථාවන්හිදී නිවැරදි හා කඩිනම් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය දැනුම හා කුසලතා නිලධාරීන් වෙත ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද “ප්‍රථමාධාර පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන” 2026.05.15 දින කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සපිරි පියස ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලදී.

මෙම වැඩසටහන ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය පැතුම් කොඩිකාර මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවැත්වූ අතර, නිලධාරීන් 150 දෙනෙකු සහභාගි විය.

 මෙහිදී හදිසි අනතුරු හා ජීවිත අවදානම් අවස්ථාවන්හිදී කඩිනම් හා නිවැරදි ප්‍රතිචාර දැක්වීමේ වැදගත්කම පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මූලික හා ප්‍රායෝගික දැනුමක් ලබාදීමට කටයුතු කරන ලදී. මෙම අවස්ථාව සඳහා සියලුම දෙපාර්තමේන්තු නියෝජනය කරමින් මාණ්ඩලික නිලධාරින්, කළමණාකරණ / සංවර්ධන නිලධාරීන් හා ප්‍රාථමික නිලධාරීන්, පෙරපාසල් ගුරුවරුන් ඇතුළු විවිධ සේවාවල නියුතු පිරිසක් සහභාගි වූ අතර මෙහිදී ලබාගත් දැනුම ඔවුන්ගේ රැකියා අවස්ථා සඳහා ඉතාමත් ඵලදායි ලෙස යොදාගත හැකි බවට අදහස් දක්වන ලදී. තවද මෙම අවස්ථාවට ආයතන හා මානව සම්පත් සංවර්ධන කමිටුවේ සාමාජික ගරු නාගරික මන්ත්‍රී ඔෂාන් අසංසක රන්දුලක මහතා හා ගරු නාගරික මන්ත්‍රීනි ධනෝෂනී ශානිකා සිල්වා මහත්මිය සහභාගි විය.