රෝගීන් ලියාපදිංචි කිරීමේ ඒකකය විවෘත කිරීම

කොළඹ මහා නගර සභාවේ රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ කොම්පඤ්ඤවීදිය බහුසායනයේ නවීකරණය කරන ලද රෝගීන් ලියාපදිංචි කිරීමේ ඒකකය ගරු නගරාධිපතිතුමියගේ ප්‍රධානත්වයෙන් 2026.06.18 වන බ්‍රහස්පතින්දා දින පෙ.ව. 10.00 ට විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට ගරු මහා නගර සභා මන්ත්‍රීනී, චාමිකා එචි. ජේ. පතිරණ මහත්මිය,කොළඹ මහා නගර සභාවේ අනෙකුත් දෙපාර්තමේන්තු හා අංශ ප්‍රධානීන් සහ රෝග නිවාරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය . එස්. ගනේෂ් මහතා ඇතුළු වෛද්‍ය නිලධාරීන් සහ කාර්යාල කාර්ය මණ්ඩලය සහභාගී විය.