“දැනුම,නිවැරදි පුහුණුව සහ ආරක්ෂිත ක්‍රියාපටිපාටි අනුගමනය කිරිම තුලින් දක්ෂ යන්ත්‍ර මෙහෙයුම් ක්‍රියාකරුවෙකු බිහි වේ “
කොළඹ මහා නගර සභාවේ නාගරික කර්මාන්ත ශාලාවේ Boom truck යන්ත්‍ර ආශ්‍රිත කටයුතුවල නියුතු වැඩ ක්ෂේත්‍ර කම්කරු හා රියැදුරු සේවයේ නියුතු නිලධාරින් දස දෙනෙකු සඳහා ඉහත යන්ත්‍ර ආශ්‍රිත සේවා අවශ්‍යතාවයේ ප්‍රමුඛතාවය පදනම් කරගනිමින් හා ප්‍රායෝගික හා න්‍යාත්මක පුහුණුව නිසි ආකාරව ලබාදීම මුලික අරමුණු කරගනිමින් පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදී.
මෙම පුහුණු වැඩසටහන 2026.06.10 දින සිට 06.11,06.12,06.15 හා 06.16 යන දින 05 තුලදි පෙ.ව 9.00 සිට ප.ව 3.30 දක්වා මාදම්පිටිය කාර්මික පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, නිලධාරීන් මේ සඳහා මහත් උනන්දුවකින් හා කැපවීමකින් යුතුව යොමු විය.
මෙහිදී Boom Truck යන්ත්‍ර සඳහා වන,
යන කරුණු පිලිබඳව දින 05 තුලදී න්‍යාත්මකව හා එක් එක් නිලධාරියා වෙත වෙන් වෙන් වශයෙන් Boom Truck යන්ත්‍ර දෙක උපයෝගී කරගනිමින් ප්‍රායෝගික පුහුණුව සිදුකිරීමටද කටයුතු කරන ලදී.
එසේම කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඒ.ඩී.එස්.රෝහණ මහතාගේ නිබඳ මඟ පෙන්වීම හා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, නදීකා දමයන්ති මහත්මියගේ මෙහෙයවීම හා සම්බන්ධීකරණය මඟින්ද මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ සංවිධාන ශක්තියෙන්ද වැඩසටහන හැඩ වු අතර, මෙහි සම්පත්දායකත්වය ඉදිකිරිම් හා යන්ත්‍රෝපකරණ පුහුණු මධ්‍යස්ථානයේ (CETRAC) උපදේශක සෝමරත්න මහතා හා සහකාර ඉංජිනේරු ප්‍රසන්න සිල්වා මහතා විසින් සපයන ලදී.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)