“මානව සම්පත් කළමනාකරණය” පිළිබඳ පුහුණු වැඩසටහන

කොළඹ මහා නගර සභාවේ සියළුම දෙපාර්තමේන්තු/ අංශ හා දිස්ත්‍රික් කාර්යාලවල සේවයේ නියුතු සියළුම කාර්යය මණ්ඩලය අතුරින් තෝරාගත් මාණ්ඩලික නිලධාරීන් කණ්ඩායමක් සඳහා මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පුහුණු වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලදි.

මෙම වැඩසටහන 2026.08.13  දින ප.ව. 12.30 සිට ප.ව. 04.15 දක්වා කොළඹ මහා නගර සභාවට අයත් සහස්‍ර මධ්‍යස්ථාන ශ්‍රවනාගාරයේදී පැවැත්වුණු අතර 35 ක පමණ නිලධාරීන් කණ්ඩායමක් මෙම වැඩසටහනට සහභාගී විය.මානව සම්පත් කළමනාකරණයේදී මුහුණපාන අභියෝග,වගවීම හා වගකීම,නායකත්වය,සන්නිවේදනය හා එහි ගැටළු පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරන ලදි.

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්, ඒ.ඩී.එස්.රෝහණ මහතාගේ නිබඳ මඟපෙන්වීම වැඩසටහන කෙරෙහි ලද අතර, මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සප්තා ලැනරෝල් මහත්මියගේ සම්බන්ධීකරණය හා මෙහෙයවීම හරහා මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා නීතීඥ මාලික අමරසේකර මහතා විසින් සම්පත්දායකත්වය සපයන ලදි.