LET'S GROW. BE PREPARED

“එන්න අපි වවමු” ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අදම පෙළගැසෙමු”
රටේ ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟයට පිළියම් ලෙස කොළඹ නාගරික ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් නාගරික කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා කොළඹ මහ නගර සභාව මගින් මේ වන විටත්, ONE ස්වෙච්චා වෘත්තීයවේදීන්ගේ කණ්ඩායම සමග “එන්න අපි වවමු” ආහාර සුරක්ෂිතතාවය වෙනුවෙන් අදම පෙළගැසෙමු” යන තේමාව යටතේ වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර මින් පවතිවනවා.
ඒ යටතේ අද දින කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ලබා දුන් දේශීය අල, බීජ හා දඬු,  නගර සභා ඉඩම් තුල වගා කිරීම අද දින (23) ගරු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් විහාර මහා දේවී උද්‍යානය තුළ සිදුකරනු ලැබුවා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපතිනිය..
අද දින අප වෙත කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අල බීජ ඇසූරුම් 1000 ලබාදී තිබේනවා. එම අල බිජ අතර,රන්වරන් බතල, රන්කවඩි මඤ්ඤොක්කා, හිඟුරල, මහා ඉඟිලි අල ඇතුළත් වෙනවා.මෙම බීජ වලට අමතරව අද දින විහාර මහා දේවී උද්‍යානය තුළ අඩු මාසෙන් ඵලදාව හට ගන්නා කොස් පැළ සහ පලතුරු පැළ සිටුවීම සිදු කරනු ලබනවා. මෙම බීජ සැපයීම වෙනුවෙන් මම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට  සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට ස්තුතිය පුද කරන අතර, එම දෙපාර්තමේන්තුවෙන් තවදුරටත් අපට උදව් උපකාර ලැබේයි කියා මා බලාපොරොත්තු වෙනවා.
අද දින අප වෙත ලැබුණු මෙම බීජ සහ දඬු දිසා කාර්යාල තුළ සහ නගර සභා ක්‍රීඩා භූමි තුළ සිටුවීමට දැනටමත් කටයුතු සූදානම් කර තිබේනවා. කොළඹ නගර සභාවේ පුහුණු ආයතනය මගින් අද දින අප වෙත ලැබෙන අල වර්ග වගා කිරීම සම්බන්ධව දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිසා ඉංජිනේරුවරුන් දැනටමත් වගා කටයුතු සඳහා යොදවා ඇති සේවක පිරිස් දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩසටහනක් zoom තාක්ෂණය ඔස්සේ අරඹා තිබෙනවා.බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ වගා නිලධාරීන් මේම වැඩසටහන් සඳහා අප හා සම්බන්ධ වී කටයුතු කරනු ලබනවා.
මහජනතාව දැනුවත් කිරීම සඳහා අප විසින් පසුගිය 21 වෙනිදා , ONE ස්වෙච්චා වෘත්තීයවේදීන්ගේ කණ්ඩායම සමග Urban Harvest නැමැති web පිටුව එළිදක්වනු ලැබුවා.
කොළඹ නාගරික වැසියන්ට නාගරික ගොවිතැන අලුත් අත්දැකීමක් බැවින් ඔවුන් දැනුවත් කිරීම සඳහා ලොව දියුණු ප්‍රධාන නගරවල නාගරික ජනතාව විසින් නාගරික වගාවන් පවත්වාගැනීම සඳහා සිදුකළ කටයුතු වල ආදර්ශයක් කොළඹ නගරයේ ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා. මෙම  නාගරික ගොවිතැන සඳහා මේ වන විටත් Cargills , WFP, UNICEF. UNFPA වැනි ආයතන සහ සංවිධාන අපත් සමඟ එක්ව සිටිනවා. මිට අමතරව FAO ආයතනය සමග කොළඹ නගරයේ නාගරික කෘෂි උද්‍යානයක් සකස් කිරීමට ක්‍රියාමාර්ග ආරම්භ කර තිබෙන අතර එහි මූලික මැනුම් කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
එසේම ඉදිරියේදී ඇතිවිය හැකි යැයි අපේක්ෂා කරනු ලබන ආහාර හිඟයට පිළියමක් වශයෙන් soup kitchen සංකල්පයට අනුව ස්ථාන කීපයකදී පෞද්ගලික අංශයේ සහයෝගයෙන්, ජනතාව වෙත ආහාර බෙදා දීමේ වැඩ සටහන් ආරම්භ කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කරමින් සිටිනවා යැයි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
මෙම අවස්ථාවේ දී කොළඹ මහජන පුස්තකාල  දෙපාර්තමේන්තුව මගින්  සිටූවා ඇති මඤ්ඤොක්කා වගාව ද නගරාධිපති තුමියගේ නිරීක්ෂණයට ලක්විය.