සරප් කවුළු ස්ථාපිත කිරීම

කොළඹ මහ නගර සභාවට සිදුකරන සියලු ගෙවීම් දිස්ත්‍රික් කාර්යාල වලින් සිදු කිරීමට හැකිවන පරිදි දිසා කාර්යාල 06 ම ආවරණය වන පරිදි සරප් කවුළු ස්ථාපිත කිරීම අද දින ගරු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙතෙක් ඔබ කොළඹ මහ නගර සභා වෙත පැමිණ ගෙවන ලද වරිපණම් ගෙවීම්, කඩ කුලී ගෙවීම්, උත්සවශාලා වෙන්කරගැනීම්, ක්‍රීඩා භූමි වෙන් කර ගැනීම් ආදි වූ සියලු ගෙවීම් අද දින සිට තමන්ට ලගම දිසා කාර්යාලය වෙත ගොස් සිදු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

මෙමගින් සියලුම ජනතාවට මෙම සේවාවන් ඉතාමත් කඩිනමින් සහ පහසුවෙන් කරගැනීමට අවස්ථාව සලසා දීම මෙහි අරමුණ වේ.

තනි කවුළු කවුන්ටරය ආරම්භ කිරීම, නගර සැලසුම් අංශය ඩිජිටල් කරණය කිරීම, කොළඹ මහජන පුස්තකාලය ඩිජිටල් කරණය කිරීම තුළින් මේ වන විටත් ජනතාවට කඩිනම් සේවාවක් සැපයීමට කොළඹ මහනගර සභාව කටයුතු කර ඇත.

 

Under the patronage of Her Worship the Mayor Rosy Senanayake, Shroff counters were installed in all six district offices today, allowing district offices to make all payments on behalf of the Colombo Municipal Council, Townhall. So now you will be able to visit the district offices of Colombo Municipal Council to make all payments, including shop rents, event bookings, playground reservations, etc. The goal is for everyone to be able to access these services quickly and easily. The Colombo Municipal Council has worked to provide immediate service to the people by starting a single window counter, digitalizing the city planning section and digitalizing the Colombo public library.