වෙසක් පහන් කුඩු නිර්මාණ ඇගයීමේ උත්සවය

වෙසක් සැමරුම් නිමිත්තෙන් කොළඹ මහා නගර සභාව මගින් පවත්වන ලද වෙසක් කූඩු ප්‍රදර්ශනය සදහා නිර්මාණ ඉතිරිපත් කල  මහා නගර සභා නිලධාරින් /සේවකයක් ඇගයීම සහ  ත්‍යාග ප්‍රදානය කිරීම සදහා  2023 මැයි 15 දින  ප.ව. 2.00 ට නගර ශාලා ශ්‍රවණාගාරයේදී උත්සවයක්  පැවැත්විණි.

නාගරික කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් සියලුම දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ නිර්මාණ ශිල්පීන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර කොළඹ මහා  නගර සභාවේ  බෞද්ධ සංගමය මගින්  මෙම උත්සවය සංවිධානය කර තිබුණි.