නෛතික ලියවිලි පුස්තකාලයක් ආරම්භ කිරීම.

කොළඹ මහා නගර සභාවේ සහ එහි කාර්යය මණ්ඩලයේ සහ මහජනතාවගේ නීති දැනුම වර්ධනය කර ගැනීම හා ඔවුන්ගේ පරිශීලනය සඳහා 2023.06.12 වන දින පුරහල භූමියේදී නෛතික ලියවිලි පුස්තකාලයක් ආරම්භ කරන ලදී.

එය කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් හා සභාවේ බලතල, කාර්යය, කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමේ නිලධාරී ජේ. එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගේ සංකල්පයක් අනුව ස්ථාපනය කරන ලදී.

ඒ අනුව, කොළඹ මහා නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවලට රාජකාරීමය වශයෙන් අදාල වන සියලුම ආඥා පනත්, පනත්, රෙගුලාසි, රීතී, ප්‍රතිපත්ති, අතුරු ව්‍යවස්ථා, චක්‍රලේඛ, මාර්ගෝපදේශ, සභා තීරණ, නඩු තීන්දු, ආදී නෛතික ලියවිලි පරිශීලනය කිරීම සඳහා මෙන්ම පනත්වල 2023 වසර දක්වා වන සංශෝධනයන් සහිත මෘදු පිටපත් පරික්ෂා කිරීමේ පහසුකමද මෙම නෛතික ලියවිලි පුස්තකාලය මඟින් සලසා දී ඇත.