කසල පොළ ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලය, ශ්‍රී සංඝරාජ මාවත, කොළඹ 10 - 2023 ජුනි 24

කොළඹ මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශය විසින් සංවිධානය කරනු  ලබන  “කසළ පොල” වැඩසටහන 2023 ජුනි මස 24 වැනි සෙනසුරාදා දින, කොළඹ - 10, ශ්‍රී සංඝරාජ මධ්‍ය විද්‍යාලය ඉදිරිපිටදී  පෙ.ව. 9.00 සිට ප.ව. 2.00 දක්වා පැවැත්වේ.

ඒ අනුව, පෙට් බෝතල්, ප්ලාස්ටික් ද්‍රව්‍ය, පරණ පොත් සහ පත්තර, කාඩ්බෝඩ්, ලෝහ වර්ග, සුදු පැහැති වීදුරු / බෝතල්, පී වී සී පයිප්ප සහ පොල් කටු වැනි භාණ්ඩ රැගෙන එන්නේ නම් ඔබට ඒ සඳහා එහිදී මුදල් ලබා ගත හැකිය.

මීට අමතරව මුළුතැන්ගෙයි උපකරණ, ලැප්ටොප්, ජංගම දුරකථන, ටැබ්,  CDMA දුරකථන, LED / LCD රුපවාහීනී යන්ත්‍ර, CD / DVD /Blue Ray යන්ත්‍ර, ශීතකරණ යන්ත්‍ර / වායු සමීකරණ යන්ත්‍ර සහ රෙදි සෝදන යන්ත්‍ර වැනි අයිතම ද මෙහිදී  පිළිගනු ලබන නමුත් ඒ සඳහා මුදල් ගෙවීමක් සිදු නොවේ.

අලුත්වැඩියා නොකරන ලද ගෘහස්ථ  උපකරණ පමණක් භාරගනු ලැබෙන අතර අලුත්වැඩියා මධ්‍යස්ථානවලින් අලුත්වැඩියා කරන ලද භාණ්ඩ හෝ කොටස් ඒ සඳහා  භාරගනු නොලැබේ.

එසේම, ලන්ච් ෂීට් / ෂොපින් බෑග්, ලැමිනේටින් කළ පොලිතින්, පෝසිලේන් භාණ්ඩ, යෝගට් කෝප්ප, වාහන වීදුරු, කුෂන් භාණ්ඩ, සම් භාණ්ඩ, පැරණි මෙට්ට, පැරණි ලී භාණ්ඩ, CD / DVD තැටි, පරිගණක මුද්‍රණ යන්ත්‍ර ටෝනර්, CRT මොනිටර්, විදුලි ලාම්පු සහ CFL විදුලි බල්බ් වැනි අයිතම එම කසල පොළ මගින් භාර ගැනීමක් සිදු නොවේ.