කොළඹ මහා නගර සභා සිමාවේ මදුරුවන් බෝ වන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය මඟින් පරීක්ෂාව - 2023 ජුනි 23

කොළඹ මහා නගර සභාවේ මහජන සෞඛ්‍ය  දෙපාර්තමේන්තුව විසින් කොළඹ නගර සභා  බල ප්‍රදේශයේ ජම්පටා විදිය ආශ්‍රිතව ඩ්‍රෝනා කැමරා අනුසාරයෙන් මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳව ස්ථාන පරීක්ෂාවන් සිදු කරන ලදී. එහිදී  හඳුනාගත් ස්ථාන වෙත ගොස් වැඩිදුර පරීක්ෂා කිරීම් සිදු කරන ලදී. එම ස්ථානවල මදුරුවන් බෝ වන ස්ථාන  පැවතීම නිසා එම පරිශ්‍ර හා දේපළ වල අයිතිකරුවන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නිවේදන නිකුත් කරන ලදී. මෙම ඩ්‍රෝනා කැමරා අනුසාරයෙන් අදාළ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා surein cook ආයතනය කොළඹ මහා නගර සභාව වෙත අනුග්‍රහය දක්වා ඇත.