තාරුණ්‍යයට අත්වැලක් - වැඩිහිටියන් රැකබලා ගැනීමේ පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවය - 2023 ජුලි 01

කොළඹ මහා නගර සභාවේ මානව සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තාරුණ්‍යයට අත්වැලක් වැඩසටහන යටතේ පුහුණු පාඨමාලාවන් රැසක් සංවිධානය කරන ලදි. ඒ අනුව ජාතික ආර්ථිකය නැවත නගා සිටුවීම සඳහා විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම  අරමුණු කර ගනිමින්  නගර සභා වාසී තරුණ ප්‍රජාව විදේශ රැකියා සඳහා යොමු කිරීමට ක්‍රියාත්මක කරනු ලබන පුහුණු  පාඨමාලාවක් ලෙස වැඩිහිටියන් රැකබලා ගැනීමේ පුහුණු පාඨමාලාව දියත් කිරීමට සැලසුම් කරන ලදී. මෙම පුහුණු පාඨමාලාවේ  සමාරම්භක උත්සවය 2023 ජුලි මස 01 වන සෙනසුරාදා දින කොළඹ මහා නගර සභාවේ නව ශ්‍රවනාගාරයේ දී  පවත්වන ලදි.

නාගරික කොමසාරිස් ජේ, එම්. භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ආරාධනයෙන් කම්කරු හා විදේශ රැකියා කටයුතු අමාත්‍ය ගරු මනුෂ නානායක්කාර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණු  අතර රාජ්‍ය නිලධාරින්  බොහොමයක්  ද ඒ සඳහා සහභාගි විය.