බස්නාහිර පළාත් මානව සම්පත් කළමනාකරණ තොරතුරු පද්ධතිය (HRMIS. e-file System) ක්‍රියාකාරීත්වය හඳුන්වා දීම

 
බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි කොළඹ මහා නගර සභාව සඳහා ඉහත තොරතුරු පද්ධතිය හඳුන්වාදීමේ වැඩසටහනක් 2023 ජුලි මස 18 වන දින නාගරික කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහා නගර සභා කමිටු ශාලාවේදී පැවැත්වුනි.
 
මෙයට නාගරික කොමසාරිස්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් , පරිපාලන නිලධාරීන්, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ  නියෝජ්‍ය සහකාර ලේකම් (පිරිස හා පුහුණු), තොරතුරු තාක්ෂණ නිලධාරි ඇතුළු කාර්ය මණ්ඩලය සහභාගී විය.
 
නිලධාරින් විශ්‍රාම යාමට මස  6කට ප්‍රථම සියලුම ලිපිගොනු යාවත්කාලින කර එම විශ්‍රාම යාම් කටයුතු කඩිනම් කිරීම මෙම  පද්ධතිය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වේ.