කසළ කළමනාකරණය පිළිබඳව පෙර පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන

විධිමත් කසළ කළමනාකරණය පිළිබඳ අනාගත පරපුර දැනුවත් කිරීම සහ එමඟින් මතුවන ගැටලු පිළිබඳව කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ පෙර පාසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ  දිසා 02බී කාර්යාලය විසින් 2023 ජූලි 26 වන බදාදා දින ආර්. ඒ. ද මැල් මාවතේ පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

 

මෙම වැඩසටහන සඳහා කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ සියලුම පෙර පාසල් දරු දැරියන් සහ ගුරුභවතුන් සහභාගී වූ අතර කසල වෙන් කිරීම (දිරන, නොදිරන, ප්‍රතිචක්‍රීකරණ) ප්‍රයෝගිකව සිදුකරන ආකාරය සහ අප ජීවත් වන්නා වූ අවට පරිසරය පිරිසිදුව පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න ද පැහැදිලි කරනු ලැබීය. තවද පරිසර හිතකාමී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද පූර්ණ වශයෙන් සහභාගී වූ පිරිස දැනුවත් කරනු ලැබීය.

 

ඒ අනුව, එම දරු දැරියන් ඉතා උද්යෝගිමත්ව වැඩසටහන සඳහා සහභාගී වූ අතර නිවෙස්වල ජීවත් වන්නා වූ වැඩිහිටියන්ටද මෙම පණිවිඩය ගෙන යාමට මෙම වැඩසටහන දායකත්වයක් දැක්වූ බව ද නිරීක්ෂණය විය.