වීදුරු ප්‍රතිචක්‍රීකරණය පිළිබඳ ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම

වගවත්ත පාර, පොරුවදන්ඩ හි පිහිටි PGP Glass Ceylon පෞද්ගලික ආයතන මඟින් ඉවතලන වීදුරු ප්‍රතිචක්‍රීකරණය කොට නැවත වීදුරු නිෂ්පාදනය කිරීම සිදු කරන අතර, නාගරික ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ දිසා 02 බී කාර්යාලයේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ නිලධාරීන් 2023.08.02 දින එම ආයතනයේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි විය.

වීදුරු ප්‍රතිචක්‍රීකරණය පිළිබඳව පුළුල් දැනුමක් ලබාගැනීමට සහභාගි වූ නිලධාරීන්ට අවස්ථාව ලැබුණි.

ඉදිරියේදී කොළඹ මහා නගර සභා බල ප්‍රදේශය තුල ඉවතලන වීදුරු අපද්‍රව්‍ය නිසිපරිදි එකතු කර විධිමත් චක්‍රීකරණයක් සඳහා PGP Glass Ceylon පෞද්ගලික ආයතනය වෙත ලබාදීමට අපේක්ෂිතය.