මහජන ආධාර දෙපාර්තමේන්තුවේ කොට්ඨාස කාර්යාල පිහිටුවීම

කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගේ සංකල්පයකට අනුව, දිස්ත්‍රීක් කාර්යාල පරිශ්‍රයන් හී මහජන ආධාර දෙපාර්තමේන්තුවේ කොට්ඨාස කාර්යාල ස්ථාපනය කිරීමට පියවර ගන්නා ලදී. ඒ අනුව මේ දක්වා දිස්ත්‍රීක් කාර්යාල දිසා 01, දිසා 02A, දිසා 02B, දිසා 03, දිසා 04 හී ද අදාල කොට්ඨාස කාර්යාල ස්ථාපනය කර ඇත.

නාගරික ප්‍රජාවට වඩා කාර්යක්ෂම මහජන සේවාවක් සැපයීම මෙම කාර්යාල ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වේ. ප්‍රධාන කාර්යාලයට නොගොස් මහජන ආධාර දෙපාර්තමේන්තුවට අදාළ සේවා දිස්ත්‍රීක් කාර්යාල මගින් ලබා ගැනීමට හැකියාව ලැබේ.

තවද, කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයට අයත් ඉතිරි සියළුම නාගරික කොට්ඨාස ආවරණය කරමින් සහන නිලධාරී කොට්ඨාස කාර්යාල කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍යය කටයුතු මේ වනවිටත් සුදානම් කරමින් පවතී.