කොළඹ මහා නගර සභාව මඟින් සිදු කරනු ලබන මහජන සේවාවන් පිළිබද දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව

කොළඹ නාගරික බල ප්‍රදේශය තුළ මහා මාර්ග ඇතුළු අනෙකුත් පොදු ස්ථාන පවිත්‍රතා කිරීම හා සෞඛ්‍ය ප්‍රවර්ධනය ඇති කිරීම මූලික කර ගනිමින් මාධ්‍ය සාකච්ඡාවක් කොළඹ මහා නගර සභාවේ මාධ්‍ය කාර්යාලයේදී  2023  අගෝස්තු මස 18 වන දින පවත්වන ලදී.

කොළඹ නගරයේ මැරුණු වෘක්ෂ ඉවත් කර නව වෘක්ෂ රෝපණය කිරීම, මල් හට ගන්නා විවිධ වර්ගයේ හා විවිධ වර්ණයෙන් යුතු ගස් රෝපණය කිරීම, කැළි කසල නිසි ලෙස බැහැර කිරීම, වසංගත රෝග පාලනය හා ඩෙංගු මදුරුවන් බෝ වීම පාලනය කිරීම සම්බන්ධයෙන් වැඩසටහන්, නගර අලංකරණය කිරීමේ වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කිරීමට කටයුතු සැලසුම් කර ඇත.

1994 වර්ෂයේදී පදික මාර්ග ආරක්ෂාව සඳහා ඉදි කරන ලද කොළඹ කොටුවේ මඟී පාලම විශාල පිරිවැයක් දරා අලුත්වැඩියා කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින අතර, සංචාරකයින්ගේ ආකර්ෂණයට ලක් වූ ස්ථාන හදුනාගෙන එම ස්ථාන වැඩි දියුණු කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කරමින් පවතී.

කොළඹ මහා නගර සභාව මඟින් නගරයේ වීදී ආහාර කඩ, වාහන වලින් පැමිණ ආහාර වෙළදාම් කරන පිරිස් පෞද්කලික අංශයේ සහය ඇතිව එක් ස්ථානයකට කේන්ද්‍රගත කිරීමටත්, ඔවුන්ට ආහාර පුහුණු වැඩසටහන් පවත්වා මූලික ආහාර සෞඛ්‍ය පිළිබඳ දැනුම ලබා දීමටත්, ආහාර පනත උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් පවතින නීතිමය තත්වයන් සම්බන්ධයෙන් ආහාර කඩ හිමියන් දැනුවත් කිරීමේ වැඩසටහන් ද කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස්ගේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතව ඇති බවත් එහීදි ප්‍රකාශ විය.

මෙම අවස්ථාව සඳහා කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන මාධ්‍ය නිලධාරී ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලිධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා, ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ ප්‍රධානී ඉංජී. ෂහීනා එම්. මයිසන් මහත්මිය, නාගරික කර්මාන්ත ශාලාවේ ප්‍රධානී ඉංජීනේරු. පී. එම්. එස්. ලියනගේ මහත්මිය, රථ වාහන නිර්මාණ හා මාර්ග ආරක්ෂණ අංශයේ ප්‍රධානී ඉංජීනේරු. පී. ඒ. චන්ද්‍රපාල මහතා ද සහභාගි විය.