කොළඹ මහා නගර සභා ක්‍රිකට් කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවය

ශ්‍රී ලංකා රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය මඟින් සංවිධානය කරනු ලැබු 2016, 2017, 2018 හා 2019 වර්ෂවලට අදාල වර්ණ  ප්‍රධානෝත්සවය  2023.08.11 දින පිටකෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේදී පැවැත්වුනි. මෙහිදි ප්‍රධාන ආරධිත  අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි  සිල්වා මහතා සහභාගී විය.

මෙහිදී  කොළඹ මහා නගර සභා ක්‍රිකට් කණ්ඩායම,

 - 2017 වසරේ අනුශුරතාවය

 - 2018 වසරේ ශුරතාවය

 - 2019 වසරේ අනු ශුරතාවය දිනා ගැනිම වෙනුවෙන් සම්මානයට පත්‍ර විය.

තවද, 2017, 2018, හා 2019 වසර වල තරඟාවලියේ හොඳම  පිතිකරු   වශයෙන් කොළඹ මහා නගර සභා කණ්ඩායමේ නායක හංසක දිල්හාන් වර්ණ ලබා ගත් අතර 2019 වසරේ හොඳම  පන්දු යවන්නා  වශයෙන් කොළඹ මහා නගර සභාවේ කණ්ඩායමේ උප නායක ඉෂාර මධුසංක වර්ණ ලබාගන්නා ලදි.

මෙම කුසලාන හා සම්මාන කොළඹ මහා නගර සභාවට දිනා දිම වෙනුවෙන්  කොළඹ මහා නගර සභා  ක්‍රිකට් කණ්ඩායමට උපහාර පිදීමේ උළෙල නාගරික කොමසාරිස්තුමියගේ ප්‍රධානත්වයෙන් 2023.09.14 දින පුරහල පරිශ්‍රයේදී පැවැත් වුනි.