පංචිකාවත්ත ග්‍රාමසේවා වසම නිරීක්ෂණය - 2023 සැප්තැම්බර් 22

2023 සැප්තැම්බර් 22 වන දින කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරීන් විසින් පංචිකාවත්ත ග්‍රාමසේවා වසමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුහ. එහිදී ගංවතුරින් ආපදාවට පත්වුවන් හා ස්වයං රැකියාවල නියුතු කරත්තකරුවන් හමු වී ඔවූන්ගේ ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

එහිදී පංචිකාවත්ත වසමේ පිහිටි ආයුර්වේද බෙහෙත් ශාලාව, ප්‍රජාශාලාව, මාතෘ නිවාස, පෙර පාසල් ද නාගරික කොමසාරිස් ඇතුළු නිලධාරින් විසින් නිරීක්ෂණය කරන ලදී.