නගර අලංකරණය පිළිබඳ වැඩසටහන

ගරු ජනාධිපතිතුමාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක හා කාර්යය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමාගේ සහ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි කොළඹ නගර අලංකරණ වැඩසටහන මෙහෙයවීම සඳහා කොළඹ මහා නගර සභාවේ නිලධාරීන්ගෙන් සමන්විත වූ විශේෂ මෙහෙයුම් කමිටුවක් පිහිටුවන ලදී.

ඒ යටතේ කොළඹ නගරය සංචාරක ආකර්ෂණ නගරයක් බවට පත්කිරීම සඳහා වන වැඩසටහන් සකස්කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ 2023.09.27 දින කොළඹ මහා නගර සභාවේ කමිටු රැස්වීම් ශාලාවේදී සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී කොළඹ නගරය වැඩිදුරටත් අලංකරණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය විසින් සකස් කරන සංවර්ධන සැලැස්ම සහ ඒ සඳහා වන නීති සහ රෙගුලාසි පිළිබඳව නගර සභා නිලධාරීන් දැනුවත් කිරීම සිදු විය.