පීටර් කෙනමන් මැතිතුමාගේ 106 වන ජන්ම දින සැමරුම - 2023 ඔක්තෝම්බර් 03

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ හිටපු ප්‍රධාන ලේකම් සහ හිටපු නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය පීටර් කෙනමන් මැතිතුමාගේ 106 වන ජන්ම දිනය වෙනුවෙන් පුෂ්පෝපහාර පිදීමේ උත්සවය කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ජේ.එම් භද්‍රානි ජයවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023 ඔක්තෝම්බර් මස 03 වන දින පෙ.ව. 9.00ට මරදාන එල්ෆිස්ටන් රඟහල ඉදිරිපිට පිහිටි පීටර් කෙනමන් පිළිරුව අබියස දී  සිදු කෙරුණි. 
 
පීටර් කෙනමන් ගුණ සමරු කමිටුවේ සභාපති අල්හාජ් ඒ. එච්.එම්. ෆවුසි මැතිතුමා, ලේකම් නීතිඥ ප්‍රේමාදර දිසානායක මැතිතුමා සහ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ නාගරික මන්ත්‍රිවරුන් ඇතුළු විශාල පිරිසක් ඒ සඳහා සහභාගි වුහ.