එම්.එච්. මොහොමඩ් ක්‍රීඩාංගණය පරික්ෂා කිරීම - 2023 ඔක්තෝම්බර් 04

කොළඹ මහා නගර සභාවේ ක්‍රීඩා හා විනෝදාංශ දෙපාර්තමේන්තුවට අයත් කොළඹ 08 ලෙස්ලි රණගල මාවතේ පිහිටි එම්.එච්. මොහොමඩ් ක්‍රීඩාංගණයේ පවතින ගොඩනැගිලි වල තත්ත්වය පරික්ෂා කිරීම 2023 ඔක්තෝම්බර් මස 04 වන දින නාගරික කොමසාරිස්, නියෝජ්‍ය නාගරික කොමසාරිස් (ඉංජිනේරු සේවා), අධ්‍යක්‍ෂ (ක්‍රීඩා), ඉංජිනේරුවරුන්, ජ්‍යෙෂ්ඨ සැලසුම් ශිල්පීන් ඇතුළු කොළඹ මහා නගර සභාවේ නිලධාරින්ගේ  සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

එහිදී ක්‍රීඩාංගණයේ දැනට පවතින අවශ්‍යතාවය අනුව අතහැර දමා ඇති ගොඩනැගිල්ල එලදායීව නැවත ප්‍රයෝජනයට ගැනීම හා එහි අලුත්වැඩියා කටයුතු පිළිබඳවත්, ක්‍රීඩාගාරයේහි අලුත්වැඩියා කටයුතු පිළිබඳවත් නිලධාරීන් විසින් සාකච්ඡා කරන ලදී.