කසළ කළමනාකරණය පිළිබඳව පෙර පාසල් දැනුවත් කිරීමේ වැඩසටහන - ඔක්තෝබර් 2023

 විධිමත් කසළ කළමනාකරණය පිළිබඳ අනාගත පරපුර දැනුවත් කිරීම සහ එමඟින් මතුවන ගැටලු පිළිබඳව කොළඹ මහා නගර සභා බල ප්‍රදේශයේ පෙර පාසල් දැනුවත් කිරීමේ වැඩසටහනක් කොළඹ මහා නගර සභාවේ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ  දිසා 02බී කාර්යාලයේ මෙහෙයවීමෙන් පංචිකාවත්ත, මොහිඩීන් මස්ජිඩ් මාවතේ පිහිටි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

 මෙම වැඩසටහන සඳහා එම පෙර පාසලේ සිසු  දරු දැරියන් සහ ගුරුභවතුන් සහභාගී වූ අතර කසල වෙන් කිරීම (දිරන, නොදිරන, ප්‍රතිචක්‍රීකරණ) ප්‍රයෝගිකව සිදුකරන ආකාරය සහ අප ජීවත් වන්නා වූ අවට පරිසරය පිරිසිදුව පවත්වාගෙන යන්නේ කෙසේදැයි යන්න ද ඹවුන් වෙත පැහැදිලි කරන ලදි. තවද පරිසර හිතකාමී කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව ද පූර්ණ වශයෙන් සහභාගී වූ පිරිස දැනුවත් කරන ලදි.

පෙර පාසල් දරු දැරියන් ඉතා උද්යෝගීමත්ව වැඩසටහන සඳහා සහභාගී වූ අතර නිවෙස්වල ජීවත් වන්නා වූ වැඩිහිටියන්ටද මෙම පණිවිඩය ගෙන යාමට එයින් දායකත්වයක් ලැබුණු බව ද නිරීක්ෂණය විය.