මහජන සත්කාරය ඉහළ නැංවීම හා සේවා ගුණාත්මකභාවය වර්ධනය කිරීම

කොළඹ මහා නගර සභාව වෙතින් සපයනු ලබන විවිධ සේවාවන් ලබා ගැනීම සදහා, පුරහල පරිශ්‍රය වෙත පැමිණෙන මහජනතාව උදෙසා කාර්යක්ෂම මෙන්ම ගුණාත්මක සේවාවක් ලබා දීම සඳහා විශේෂ වූ නව්‍ය වැඩසටහනක් පසුගිය ඔක්තෝම්බර් මස 16 දින ආරම්භ විය.

ඒ යටතේ මහජන දිනය වන සතියේ සෑම සඳුදා දිනකම සේවාලාභී මහජනතාව මහා නගර සභා පරිශ්‍රයේ අදාල දෙපාර්තමේන්තු හා අංශ වෙත කාර්යක්ෂම ලෙස යොමු කිරීම සඳහා සහාය නිලධාරීන් කණ්ඩායමක් පුරහල පරිශ්‍රයේ පිළිගැනීමේ කවුළුව අසල ස්ථානගත කිරීමට කටයුතු කර ඇත.