සිත් රූ 2023

ලෝක ළමා දිනය නිමිති කොටගෙන, කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ දිසා අංක 03 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෙහෙයවීමෙන්, සිත් රූ 2023 ළමා චිත්‍ර තරගය සැප්තැම්බර් මස 16 වන දින පවත්වන ලදි.

මෙම චිත්‍ර තරඟය සඳහා දිසා අංක 03 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ  ලියාපදිංචි ළමා සමිතීන් හි දරුවන් 112ක් විසින් චිත්‍ර ඉදිරිපත් කර තිබුණි. ඔවුන් අතරින් ජයග්‍රාහි දරුවන් සඳහා ත්‍යාග ප්‍රධානෝත්සවය ඉතා උත්කර්ෂවත් අන්දමින් ඔක්තෝම්බර් මස 21 වන දින කොළඹ නව නගර ශාලාවේදී කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. ඒ සඳහා ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, එම කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ළමා සමිතීන්හි දරු දැරියන් විශාල පිරිසක් ද එක්ව සිටියහ.