කොළඹ නාගරික බල ප්‍රදේශයේ පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහන

කොළඹ මහා නගර සභාව විසින් පවත්වනු ලබන “සුව දිවිය”  ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහන යටතේ පාසල් සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් දිසා අංක 03 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ, සුසමයවර්ධන විද්‍යාලයේ දී 2023 ඔක්තෝම්බර් මස 17 වන දින පවත්වන ලදි. එමඟින් සාමාන්‍ය ශරීර ස්කන්ධ දර්ශකය පවත්වා ගැනීමේ වැදගත්කම පිළිබඳව දිසා අංක 03 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස නිලධාරීන් සහ සුසමයවර්ධන විද්‍යාලයේ ගුවරුන් සහ සිසු දරු දැරියන් ද දැනුවත් කරන ලදී.

තවද, “සුව දිවිය”  ඒකාබද්ධ සෞඛ්‍ය වැඩසටහන යටතේ වැඩමුළුවක් ඔක්තෝම්බර් මස 18 වන දින දිසා අංක 04 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ රාම ක්‍රිෂ්නා විද්‍යාලයේදී පවත්වන ලදි. එමඟින්, පාසල් දරු දැරියන්ගේ ආහාර රටා සහ පෝෂණය පිළිබඳව දිසා අංක 04 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස නිලධාරීන් සහ ගුරුවරුන් ද සිසු දරු දැරියන් ද දැනුවත් කිරීම් සිදු කරන ලදී.

ඔක්තෝම්බර් මස 20 වන දින දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මෝදර ආනන්ද විද්‍යාලයේදී ද යහපත් ආහාර පුරුදු සහ යහපත් සෞඛ්‍ය පුරුදු පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් ද ඔක්තෝම්බර් මස 23 වන දින දිසා අංක 02A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හේමමාලි බාලිකා විද්‍යාලයේදී පෝෂණය සහ බෝනොවන රෝග පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ද පවත්වන ලදි. මෙම වැඩසටහන් සඳහා එම පාසල්වල ගුරුවරුවන් මෙන්ම සිසු දරු දැරියන් ද විශාල වශයෙන් සහභාගි විය.

දිසා අංක 01 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

 

දිසා අංක 02A සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

 

දිසා අංක 03 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස

 

 දිසා අංක 04 සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස